Sri Lanka
September 7, 2010  09:56:PM

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවෙනි වටය අදින් අවසන්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවෙනි වටය අදින් අවසන්

June 29, 2010  12:52 pm

Bookmark and Share
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරග අදින් අවසන්වේ. තරගාවලියේ තවත් තරග දෙකක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ජපානය හා පැරගුවේ කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වේ.

ආසියානු මහද්වීපය නියෝජනය කරමින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටින එකම රට ජපානය වීම ද වි‍ශේෂත්වයකි. ජපානය හා පැරගුවේ කණ්ඩායම් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දෙවන වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මේ අතර ස්පාඤ්ඤ හා පෘතුගාලය අතර තරගය ද අද පැවැත්වීමට නියමිතය.. දෙවන වටයේ මෙතෙක් පැවති තරගවලින් ආර්ජන්ටිනාව, ජර්මනිය, ඝානාව, උරුගුවේ, නෙදර්ලන්තය හා බ්‍රසීල කණ්ඩායම් ජයහිමිකරගැනීමට සමත්විය.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer