ඉතිහාසයේ මුල්වරට පාපන්දු ලෝක කුසලානයක් ස්පාඤ්ඤයට
July 12, 2010 08:04 am
19 වන ලෝක පාපන්දු ශූරතාව තමන් සතු කර ගැනීමට පළමු වරට ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබු ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.
ඒ අවස්ථා දෙකකදී ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා එම කුසලානය තමන් සතු කර ගැනීමට නොහැකිව සිටි නෙදර්ලන්තය යළිත් වරක් පරාජය කරමිනි.
ඊයේ පැවති අවසන් මහා තරගයේදී නියමිත කාලය තුළ ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම හැකියාව ලැබුණේ නැත. ඒ හේතුවෙන් ලබාදුන් පළමු අතිරේක කාලය තුළදී ද ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් තවත් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන්ට සිදුවිය.
ඒ අනුව දෙවන අතිරේක කාලයේදී ස්පාඤ්ඤයේ ඇන්ඩ්‍රස් ඉනිස්ටා ගෝලයක් වාර්තා කරමින් නොසීතු ජයක් තම මව් බිමට අත්කර දීමට සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව නෙදර්ලන්තයට යළිත් වරක් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. අවසන් මහා තරගයේදී විනය විරෝධි ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායම් දෙකටම අවස්ථා 13කදී කහ පැහැති කාඩ්පත පෙන්වීමට විනිසුරු තීරණය කළ අතර තරගයේ දෙවන අතිරේක කාලයේදී රතු පැහැති කාඩ් පත පෙන්වා නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු තරගයෙන් ඉවත් කිරීම ද සිදුවිය.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් සොකර්සිටි ක්‍රීඩාංගණයට රැස්වුණු 85,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් සහ ලොව පුරා මිලියන ගණනක් ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹනු ලැබීය. 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය ජර්මනියටත් සිව් වැනි ස්ථානය උරුගුවේ කණ්ඩායමටත් හිමිවුණේ පසුගිය සෙනසුරාදා පැවති තරගයෙන් ජර්මනිය ජය ලැබීම හේතුවෙනි.

Viewer Comments