Sri Lanka
September 7, 2010  09:54:PM

හොර ඒජන්සි පහක් වටලයි

හොර ඒජන්සි පහක් වටලයි

July 29, 2010  09:18 am

Bookmark and Share
වලංගු බල පත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ‍නියෝජිත ආයතන පහක් වැටලීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. එම කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. නුවරඑළිය, හාලිඇල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා විදේශ ගමන් බලපත්‍ර 99ක් සහ ලිපි ලේඛන රැසක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තව ද බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් ද විදේශ ගමන් බලපත්‍ර 8ක් සහ විදෙස් රැකියා ලබාදීමට අදාළ ලිපි‍ ලේඛන සමඟ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. තව ද මහව, අඹන්පොල -උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති වි‍රෝධි විදේශ රැකියා ආයතනයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනිම විදේශ රැකියා ආයතන දෙකක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer