Sri Lanka
September 7, 2010  10:12:PM

බිම් බෝම්බ ඉවත් කිරීමට චීනයේ සහය

බිම් බෝම්බ ඉවත් කිරීමට චීනයේ සහය

July 29, 2010  09:59 am

Bookmark and Share
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා චීන රජයේ සහය හිමිව තිබේ. බිම් බෝම්බ ඉවත් කි‍රීමේ කටයුතු අධ්‍යයනය සඳහා චීනයේ ආරක්ෂක හමුදා නිලධාරීන් ඇතුළු විශේෂඥ පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණ සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔවුන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මානූෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික වැඩසටහනේ නිලධාරීන් සමග ද මූලික සාකච්ඡාවක් සිදුකර තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යාංශයක් පිහිටුවීමට ද දැනටමත් කටයුතු යොදා අවසන්ය.

බිම් බෝම්බ සහ පුපුරා නොගිය අවි කොටස් ඇති බවට හඳුනාගෙන ඇති උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වර්ග කිලෝමීටර් 1,500ක භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. කෙසේ වුවත් බිම් බෝම්බ වළලා ඇති ප්‍රදේශ ලෙස තවත් වර්ග කිලෝමීටර් 2,400ක පමණ භූමි ප්‍රමාණයක් ඇති බවට ද හඳුනාගෙන ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer