යුද සමයේ පුද්ගලයින් අතුරුදහන්වීම් 500 ක්
July 29, 2010 11:05 am
යුද සමයේ පුද්ගලයින් අතුරුදහන්වීම් හා රඳවාගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 500කට අධික සංඛ්‍යාවක් වව්නියාවේ පිහිටි පොලිස් ජංගම සේවය වෙත ඊයේ ලැබී තිබේ.
වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දීපාල් දල්පදාදු මහතා විසින් සංවිධානය කර තිබු මෙම පොලිස් ජංගම සේවය සඳහා සෙට්ටිකුලම මැණික් ෆාම් කඳවුරේ සහ නැවත පදිංචි කළ ප්‍රදේශවල වැසියන් රැසක් සහභාගී වී ඇතැයි සඳහන්ය.
පොලිසියේ සහය ලබා ගැනීමට පැමිණි මෙම සියලු දෙනාගේ පැමිණිලි හා තොරතුරු සටහන් කර ගැනීම සඳහා සියයකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා සිටි බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එසේ ලැබුණු පැමිණිලි වලින් බොහෝ පැමිණිලි සංඛ්‍යාවකට ඊයේ දිනයේම විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත.

Viewer Comments