Sri Lanka
September 7, 2010  10:05:PM

හොර ගුවන් විදුලි නාලිකාවක් ගැන හෙළිවෙයි

හොර ගුවන් විදුලි නාලිකාවක් ගැන හෙළිවෙයි

July 29, 2010  11:45 am

Bookmark and Share
බේරුවල ප්‍රදේශයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි ගුවන් විදුලි නාලිකාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව විදුලි සංදේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි. මීට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ඔහු සඳහන් කරයි.

මේ පිළිබඳව පොලිස්පතිවරයා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද අනූෂ පැල්පිට මහතා කියා සිටියේය. එම ගුවන් විදුලි නාලිකාව පවත්වාගෙන යන පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද දෙරණ කළ විමසීමකදී ‍බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.

බේරුවල ප්‍රදේශයේ ආගමික ස්ථානයක මෙය පවත්වාගෙන යන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer