Sri Lanka
September 7, 2010  10:16:PM

සැප්තැම්බර් 27 දක්වා ෆොන්සේකා යුද හමුදා බාරයට

සැප්තැම්බර් 27 දක්වා ෆොන්සේකා යුද හමුදා බාරයට

July 29, 2010  12:09 pm

Bookmark and Share
සුදු ‍කොඩි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට චෝදනා පත්‍ර භාරදීම අද සිදුවිය. දීපාලි වි‍ජේසුන්දර, ඩබ්ලිව්. එම්. පී. බී. වරාවැව සහ සුල්ෆිකාර් රසීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද කැඳවා තිබුණි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසු නඩු විභාගය සැප්තැම්බර් මස 27 දින පැවැත්වීමට අධිකරණය දින නියම කරනු ලැබීය.

සරත් ෆොන්සේකා මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස අධිකරණය, අධිකරණ පොලිස් මුරපොළ නිලධාරීන්ට නියෝග කර ඇත. සැප්තැම්බර් මස 27 දක්වා විත්තිකාර ජෙනරාල් සරත් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ යුද හමුදා බාරයේ රඳවාතැබීමට ද අධිකරණය නියෝග කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු රැස්වීම්, උපදේශක කාරක සභා හා පක්ෂ නායක රැස්වීම් වලට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහභාගි වීමට ඉඩ ලබාදෙන ලෙසත් බන්ධනාගාර අධිකාරීවරයා වෙත අධිකරණය දැනුම් දී ඇත.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer