සාම්පූර් ඉදිකිරීමෙන් පසු තවත් ගල් අඟුරු බලාගාර නෑ
July 29, 2010 02:54 pm
සාම්පූර් බලාගාරය ඉදිකිරීමෙන් පසු තවත් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ අපේක්ෂාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි..
මෙතෙක් ගල්අඟුරු භාවිත කරමින් විදුලිය ජනනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.
ඒ අනුව ඉදිරියේ දී ඩීසල් භාවිත කිරීමෙන් සිදුකෙරෙන විදුලි ජනනය ලාභදායී අයුරින් සිදුකිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.
එමෙන්ම රටේ විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට ද අපේක්ෂා කරන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.
ජාතික බලශක්ති සම්මාන ප්‍රදානෝත්සවය සහ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Viewer Comments