සංචාරක හෝටලයක් හදන්න සාම බෝධි විහාරය ඩෝසර් කරලා..
July 29, 2010 04:43 pm
අරුගම්බේ කළපුව අසල අරුගම්බේ පාලම ආසන්නයේ ඇති සාමබෝධි විහාරස්ථානයට අයත් ගොඩනැඟලි කිහිපයක් ඩෝසර් මගින් ඉවත්කිරීමට කටයුතු කිරීම හෙළා දකින බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්ය ඕමප්පේ සෝභිත හිමියන් පවසයි.
ඉකුත් 23 වැනිදා පොතුවිල් පොලිසියේ නිළධාරීන් පිරිසක් පැමිණ එම විහාරස්ථානයේ ගොඩනැගිලි කිහිපයක් ඩොසර් කළ බව දැනගන්නට ලැබී ඇති බවත්,කිසිදු උසාවි නියෝගයකින් තොරව මෙම පොලිස් නිළධාරීන් කටයුතු කළේ කාගේ උවමනාවකට ද යන්න ගැටලුවක් බවත් උන්වහන්සේ සඳහන් කරයි.
තිස් වසරක යුද්ධය නවතාලීමට සංඝරත්නයේ කැපවීම කෙතෙක් ද යන්න ජනාධිපතිතුමන්ට අමුතුවෙන් සිහිපත් කළයුතු නැති බව ද ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සෝභිත හිමියන් පෙන්වා දී තිබේ. එම ලිපියේ මෙසේද සඳහන් වේ.
" උතුරු හා නැගෙනහිර බෞද්ධ ශාසනික උරුමයේ කෙම් බිමකි. එය අදවන විටත් පුරාවිද්යා හා ඓතිහාසික සාධක මගින් තහවුරු වී ඇත. නැගෙනහිර පළාතේ කලක් දීඝවාපී පුදබිමේ චෛත්යයක් ඇතුළු බෞද්ධ පුරා වස්තු ඩෝසර් කරලීම අප නිරාකරණ කරගත්තෙ මහත් අපහසුවෙනි. යම් කිසිවෙකු සිද්ධස්ථාන ඩෝසර් කොට හෝටල් ඉදිකිරීමට ඉඩදෙන්නේ නම් අනාගතයේ රුවන්වැලි සෑරදුන් ඉවත් කොට ගණිකා නිවාසයක් තැනීමට වුවද සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි.
මෙම කාරණය සම්බන්ධව ලාහුගල ප්රාදේශීය සභාපතිවරයාද මැදිහත්ව කටයුතු කරඇති බව දැනගන්නට ඇත. මෙම විහාරස්ථානය සඳහා වූ ඉඩම ලබාදී ඇත්තේ පොතුවිල් ප්රදේශීය ලේකම් සිටි එස්.එල්. සේද ඊබ්රහිම් මහතා විසිනි. මෙම අභිනව විහාස්ථානයේ බෝධිය රෝපණය කරඇත්තේ හිටුප ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි ඇමතිවරයා විසිනි. ඔබතුමන් ධීවර ඇමතිවරයා සිටියදී එම විහාරස්ථානයේ සංඝාවාසයට හා බුදු මැදුරට මුල්ගල් තැබීමද සිදු කොට ඇත. එබැවිනුද මෙම ගැටලුව සම්බන්ධව ඔබතුමන්ගේ දැඩි අවධානය යොමුකොට අදාළ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමටත් එම විහාරස්ථානයේ ඩෝසර් කරන ලද සංඝාවාසය නැවත සකස්කරදීමට පියවරගන්න ලෙසත් ඉල්ලා සිටිමු."
"මීට අමතරව ලාහුගල රාගන්විල ගම්වැසියන්ගේ ගෙවල් වලට ගිනිතැබීමත් එම ප්රදේශයේ ආරාමයේ වැඩ වසන ස්වාමින් වහන්සේලා නාදුනන තුවක්කු කරුවන් පිරිසක් තර්ජනය කර පන්සලින් නෙරපා ඇති බව දැනගන්නට ඇත. එබැවින් ගරු ජනපතිතුමනි, ප්රදේශවාසීන්ට හා බෞද්ධ සිද්ධස්ථානවලට සිදුව ඇති මෙම ගැටලු විසඳා කඩිනම් පියවරක් ගන්නා ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිමු."

Viewer Comments
July 30, 2010 10:19 am
Onna anduwe maha loku wada!! Bauddayontawath inna nathi karana hati.. Mewa ithin dan sulu dewal ne.. Megollo mekath bohoma lassanata sadaranikaranaya karai.. Hela Urumaya anduwe idalath me wage dewal nawaththaganna barinam tawa kawara kathada.. Egollangeth maha prodawa.. Programs walata awith vipaksheta baninna tama danne.. Me wage dekata erehiwa mukuth karanna oke gihi ayata uwamanawak na.. karanneth na.. E aya tamange bada wada ganna tama inne.. omalpe Sohitha Himita pranamaya me wage deyak adugane kata kirima gana..
KS