Sri Lanka
September 3, 2010  04:05:PM

උණුසුම් පුවත්

මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි

ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

සැප්තැම්බර් 08 දා කළු දිනයක් වෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එය එළඹෙන සැප්තැම්බර් මස 8 වන දින ජාතික කළු දිනයක් බවට ප්‍රකාශයට පත්කරන බව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ව්‍යාපාරය සඳහන් කරයි.

වව්නියාවේ පවුල් 300 ක් නැවත පදිංචි කරයි

වව්නියාව සේමමඩු ප්‍රදේශයේ පවුල් 300ට අයත් සාමාජිකයින් 1000කට ආසන්න පිරිසක් නැවත පදිංචි කර තිබේ.

පනතට විරුද්ධව කොන්දේසි විරහිතව අරගල කරනවා

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පනත නීති විරෝධීයි-ඒ ගැන දන්න ආණ්ඩුවේ අයට කොන්දක් නෑ

(වීඩියෝ)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත නීති විරෝධි බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

රජය පෙරළන බව කියූ මාධ්‍යවේදියා නිදහස් කරන්නැයි නීතිපති ඉල්ලයි

සරත් ෆොන්සේකා මහතා සමග එක්ව රජය පෙරළීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි බොටම් ලයින් පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු වන රුවන් වීරකෝන් මහතා එම චෝදනා වලින් මුදාහැරීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.

පක්ෂයක් ලෙස ව්‍යවස්ථාවට සහය දිය යුතුයි

වීඩියෝ

එක්සත් ජාතික පක්ෂය යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්විය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

රනිල් ඉන්දියාවට යයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියි. ඔහු ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

සල්මන්, අසීෆ් හා අමීර්ට තරග තහනමක්

තරග පාවා දීමේ චෝදනාවලට ලක්වූ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා තාවකාලික තරග තහනමකට ලක්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඩග්ලස් දේවානන්ද අද කොමිසම හමුවේ සාක්ෂි දෙයි

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද යළි රැස්වේ.

නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බලපෑම් කළ යුතුයි

සෞදි අරාබියේ දී ශ්‍රී ලාංකික කාන්තාවට වධ හිංසා පැමිණ වූ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සඳහා රජය බලපෑම් කළ යුතු බව සමස්ත ලංකා මැදපෙරදිග සේවා සමිති සංවිධානය පවසයි.

නීතිමය බාධා ඉවත් කිරීම ගැන කරුණු සලකා බලයි

රාජ්‍ය සේවයට අනුයුක්ත රැකියාලාභී උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වීමට පවතින නීතිමය බාධා ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ කරුණු අධ්‍යයනය කරමින් සිටින බව රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඕස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් යැවූ 26 ක් හිරගෙට

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඇතුළු විවිධ පුද්ගලයින් බහුදින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් මෙහෙය වූ සංක්‍රමණික ජාවාරම්කරුවන් 26 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

යෝජිත සංශෝධනය නිසා ඒකාධිපති පාලනයක් ඇතිවන ලකුණු

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ පවා අහෝසි කරමින් ඒකාධිපති පාලනයකට නතුවීමේ අනතුරක් පවතින බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පවසයි.

කෙටුම්පත ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට අයිතියක් නෑ

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකවරයාට සදාචාරාත්මක අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

ආණ්ඩුවේ පක්ෂ වල විරෝධයක් නෑ

ආණ්ඩුවේ විවිධ පක්ෂ මෙම පනතට විරෝධය පළ කරන බව ප්‍රකාශ කළ ද මේ වන විට සියලු පක්ෂ ඒකමතික තීරණයකට පැමිණ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ ඇතැම් පක්ෂ ඡන්දය දෙන්නේ නෑ

එක්දිනක් තුළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් තම ඉල්ලීම මත එදින පාර්ලිමේන්තුව කලින් රැස්වීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පවසයි.

කෙටුම්පත ගැන 8 දා මතය විමසන්න සූදානම්

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනම ඡන්දය විමසා අනුමත කරගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියි.

ක්‍රීඩා පිටිය

සාක්ෂි ලැබෙන තුරු කිසිවක් කරන්නේ නෑ

පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වන තුරු කිසිදු ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය පවසයි.

ජනමත විමසුම

* විධායක ජනාධිපති ධූරයේ වාර සීමාව ඉවත් කිරීම..?
01. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමකි.
02.ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි.
03.යහපතක් හෝ අයහපතක් නොවේ.
04.සැලකිල්ලට ගත යුතු නොවේ.

View results

ප්‍රධාන පුවත්

අපි නිවැරදි තීරණයක් ගන්නයි යන්නේ. . .

අපි නිවැරදි තීරණයක් ගන්නයි යන්නේ. . .

පක්ෂයක් ලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා සහයෝගය ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර යන මහත්වරුන් පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අවධාරණය කළේය. එමෙන්ම තීරණාත්මක අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂය වැරදි තීරණ ගත් බව ද ගුණසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එම මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අදහස් දැක්වූ අයුරු මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.

ඡායාරූප -එරංග පෙරේරා

Full Story >>
ඉහළ පෙළේ සාකච්ඡාවක්. . .

ඉහළ පෙළේ සාකච්ඡාවක්. . .

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ වයඹ නාවික විධාන මූලස්ථානය ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් කතාබහක යෙදී සිටි අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.

ඡායා -ඔසඳ දහම් නිම්සර

Full Story >>

බයිස්කෝප් විත්ති

බොලිවුඩ් පුරයෙන්

ව්‍යාපාරික පුවත්

සෙලාන් බැංකුවෙන් දින 4 න් නිවාස ණයක්
සෙලාන් බැංකුවෙන් දින 4 න් නිවාස ණයක්

සෙලාන් බැංකුවේ විශේෂිත නිවාස ණය මධ්‍යස්ථානය වන"සෙලාන් සිරි නිවස"කොළඹ 3, ඞීල් පෙදෙස ඒ, අංක 02 දරණ ස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අද නිල වශයෙන් විවෘත කරන ලදී.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය නැගෙනහිරටත්
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය නැගෙනහිරටත්

රාජ්‍ය ආයතන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාල ව්‍යාපාතිය( LGN) නැගෙනහිර පළාතේ මේ වන විට නිම වෙමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ෆින්ලේස් තේ සමාගම, Rainforest Alliance (RA) සහතිකයෙන් පිදුම් ලබයි
ෆින්ලේස් තේ සමාගම, Rainforest Alliance (RA) සහතිකයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් තේ අපනයන සමාගමක්වන ෆින්ලේස් සමාගම ජාත්‍යන්තර Rainforest Alliance Certification සහතිකකරණයෙන් පිදුම්ලත් මෙරට ප‍්‍රථම සමාගම බවට පසුගියදා පත්විය.

වටවල ප්ලාන්ටේෂන්ස් වාණිජ බෝගයක් ලෙස ඩ‍්‍රැගන් ෆෲට් වගාව ආරම්භ කරයි
වටවල ප්ලාන්ටේෂන්ස් වාණිජ බෝගයක් ලෙස ඩ‍්‍රැගන් ෆෲට් වගාව ආරම්භ කරයි

ශී‍්‍ර ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පසුගියදා ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සෙස්ටා තේ නිෂ්පාදකයින් වන වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම ඩ‍්‍රැගන් ෆෲට් වගාකරු බවට පත්වූ බව නිවේදනය කර සිටියේය.

අද දෙරණ පුවත් විකාශය

විකාශය වූ පුවත්

> 2010-09-03 12.30 pm    දෙරණ අරුණ 
> 2010-09-02 12.30 pm  8:00 pm  දෙරණ අරුණ 
> 2010-09-01 12.30 pm  8:00 pm  දෙරණ අරුණ 
> 2010-08-31 12.30 pm  8:00 pm  දෙරණ අරුණ 

කතිකා මණ්ඩපය

කරළිය පිටුපස

ජනපති-හකීම් කැටුව අවමගුලට යයි

හිටපු අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(සැප්තැම්බර් 02) පස්වරුවෙහි දිවුලපිටිය ප්‍රාදේශීය සභාපිටියේදි සිදුවිය. මෙම අවමංගල්‍යය අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය. ...

More Archives

කාලීන

ආසියාවේ ආශ්චර්යයට සූදානම්

වසර 2010 ජනාධිපතිවරණය සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වූයේ ජයග‍්‍රාහී අපේක්ෂකයෙකු ලෙසය. දශක ගණනක් ශ‍්‍රී ලංකාව ආපස්සට ගෙනගිය විසඳිය නොහැකි ගැටලුවක් ලෙස සැලකූ ත‍්‍රස්තවාදය සහමුලින්, මුලිනුපුටා දැමූ යුග පුරුෂයෙකු ලෙස එතුමාගේ කීර්තිය ඉහළ නැංවී තිබිණි. ...

More Archives

සක්විති රණසිංහ කොහේ සිට කොයිබටද..?

1972 දී උපත ලැබූ අබය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නමැති මොහු පස්‌ දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලම දරුවාය. ඒ දරුවා ඇතුළු පිරිස ජීවත්වී ඇත්තේ කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයකය..

...

More Archives

හෙළ කලා කෙත

ඉඳිං සලමන් මුවා මැරිය යුතුමය..

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර)

කාන්ති කන්දේ වන බූටෑව මැද සලමන් නම් අනියම් සැමියකුගෙන් සිය අම්මා මැරුම් කෑ තැන,තවත් අනියම් සැමියකුගේ අතින් තැනුනු ආදරණීය ස්මාරකයක විසිරී ගිය නටබුන් අබියස යටසාය පමණක් ඇඳ මොහොතකට පෙර උනා දැමූ ඇඳුමින් නිරුවත් වූ උඩුකය සහිතව ඇය නිසොල්මනේ බලා හිඳියි.

...

More Archives

ලොව වටා අමුතු පුවත්

හිසෙහි පතොරමක් සහිතව වසර 5ක් විසූ මිනිසෙක්

සිය හිසෙහි පතොරමක් ඇතිබව වසර 5 ක් ගතවනතුරුම කිසිසේත්ම දැන නොසිටි පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් ජර්මනියෙන් වාර්තා වේ. ...

More Archives

ස්පාඤ්ඤයේ මහා තක්කාලි ගැටුම

ලොව විශාලතම එළවළු සටන ලෙස සැලකෙන La Tomatina නම් තක්කාලි වලින් එකිනෙකා වෙත පහරදීමේ උත්සවය මෙවරත් ස්පාඤ්ඤයේදී පැවැත්විණි. ...

More Archives

බෝංචි ඇටයක විශාලත්වයෙන් යුත් ගෙම්බෙක්

පර්යේෂකයින් පිරිසක් විසින් බෝංචි ඇටයක් තරම් ක්ෂුද්‍ර ප්‍රමාණයේ ගෙඹි විශේෂයක් බෝර්නියෝ නම් දිවයිනෙන් සොයාගෙන තිබේ. ...

More Archives

 
Derana Veet Miss Sri Lanka 2010 - Finale
 
Blowing the rhythms of youth.  Hansani Dilakshika  Devi Balika Roo Dekma

ප්‍රාදේශීය පුවත්

මහරගම පිළිකා රෝගී නේවාසිකාගාරය විවාත වෙයි
මහරගම පිළිකා රෝගී නේවාසිකාගාරය විවාත වෙයි

මහරගම පිළිකා රෝහලේ රෝගී නේවාසිකාගාරය අද විවෘත කෙරුණි.

අත්බෝම්බ 3 ක් සමග සැකකරුවෙක් අල්ලයි
අත්බෝම්බ 3 ක් සමග සැකකරුවෙක් අල්ලයි

මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 3 ක් සමග මහරම්බකුලම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer