Adaderana Breaking News:
» දැයට කිරුළ ජනපති අතින් විවෘත වෙයි
64 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය අනුරාධපුර ඔයාමඩුවේ දී අද(04) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීය.
» බලය බෙදීම ගැන වත්මන් කථිකාව අතීත ඉන්දියානු කථිකාවට සමානයි
බලය බෙදීම පිළිබඳ මෙරට වත්මන් සමාජයේ මතුව තිබෙන කථිකාව අතීත ඉන්දියාවේ පැවති කථිකාවට සමාන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
» එල්.ටී.ටී.ඊ. හිතවාදීන් රට ආපස්සට ගෙනියන්න හදනවා
විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් රට ආපස්සට ගෙන යාමේ උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
» දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්
දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල කුඹුක්ගහදූව යන ස්ථානයේ පාවෙමින් තිබිය දී මෙම මළ සිරුර හමුවු බව වැලිකඩ පොලිසිය පැවසීය.
» වෑන් රියක් ගසක ගැටෙයි - දැරියක් මියයයි, 6 දෙනෙකුට තුවාලයි
පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ මහව, බලල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දැරියක මියගොස් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
» අයි.පි.එල් වෙනුවෙන් මහේලට ඩොලර් මිලියන 1 .4 ක්
අමෙරිකානු ඩොලර් මිලියන 1 .4 ක මිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සිය කණ්ඩායම වෙත ලබාගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
» ආණ්ඩු බලය ලබාගන්න සියලුදෙනා එක්ව ක්‍රියාකාරී විය යුතුයි
ආණ්ඩු බලය ලබාගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා එක්ව ඒ සඳහා ක්‍රියාකාරී විය යුතු බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
» රිය අනතුරකින් එක් අයෙක් මියයයි - සිව්දෙනෙකුට බරපතලයි
මඩකළපුව, වාලච්චේන ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
» ජන මතයට එරෙහිව වැඩ කරන්නේ නෑ -ජනපති
විධායක බලය භාවිත කරමින් ජනතා මතයට එරෙහිව කටයුතු නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
» සියලු පක්ෂ එක්වී ජාතික ප්‍රශ්නයට නිවැරදි විසඳුම තෝරාගත යුතුයි
රටටම පොදුවේ ගැලපෙන දැක්මක් පදනම් කරගනිමින් ස්ථිර සාමයක් සඳහා වු ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
» මහනුවර - මහියංගණ මාර්ගය යළි විවෘතයි
මහනුවර - මහියංගණ, 18 වංගුව මාර්ගය නැවත විවෘත කර තිබේ.
» නිදහස වෙනුවෙන් සිරකරුවන් 1414 දෙනෙකුට නිදහස
දඩ මුදල් ගෙවා ගත නොහැකිව සිරදඬුවම් විඳින සියලුම සිරකරුවන් අදට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි.
» රටත් ජාතියත් ගැන තීන්දු ගැනීමේ නිදහසක් උදාවෙලා
රටත් ජාතියත් පිළිබඳව තීන්දු ගැනීමේ නිදහසක් උදාවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
» ආත්මාර්ථයෙන් තොරව වැඩ කරන තුරු ලබාගත් නිදහසේ ප්‍රතිඵලයක් නෑ
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත්ත ද අර්ථවත් සංවර්ධනයකට යොමුවීමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් තුළ සාමූහික හැඟීම්වලින් යුතු චින්තනයක් නොමැති වීම නිසා බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමි පවසයි.
» මහියංගණය - නුවර පාර වසා දමයි
මහියංගණය - මහනුවර ප්‍රධාන මාර්ගය උඩුදුම්බර ප්‍රදේශයේ සිට වසා දමා ඇති බව පොලිසිය පවසයි.
» තායිලන්ත කතකට ගුවන්තොටුපළේ දී මාංචු
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතික කාන්තාවක කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
» දැයට කිරුළ හා නිදහස් සැමරුමේ ආරක්ෂාවට පොලිසියේ 8,000 ක්
64 වන ජාතික නිදහස් සැමරුම සහ දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8,000 ට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
» සැකකරුවෙක් අධිකරණයේ දී මියයයි
අක්‍කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පුද්ගලයෙකු මරණයට පත් වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
» අල්ලස් චෝදනාවක් මත ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට
අල්ලස් ගැනීමේ චෝදනාවක් මත මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(03) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
» ආර්ථික වර්ධන වේගය 8% ක මට්ටමේ පවත්වා ගැනීම ප්‍රශංසනීයයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ලබාදෙන ණය ආධාරවල මීළඟ ණය වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් සාකච්ඡා කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
» පේරාදෙණිය සරසවිය අසල කැලෑ ප්‍රදේශයක ගින්නක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන ශාලාව පිටුපස කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් ඇතිවී තිබෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
» කහවත්තේ දී මව හා දියණියක මරාදමලා
රත්නපුර, කහවත්ත, කොටගෙදර ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ.
» ඇමති කෙහෙළිය, යුද හමුදාපති හා පොලිස්පතිට නොතීසි
දැනට අතුරුදහන්ව සිටින ජන අරගල ව්‍යාපාරයේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.
» සිරිකොත වෙනුවෙන් මුදල් රැස්කිරීමට රනිල් බේරුවල යයි
සිරිකොත මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පාක්ෂිකයින්ගෙන් මුදල් එක් රැස්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) බේරුවල ප්‍රදේශයට පැමිණීමට නියමිතය.
» තවදුරටත් සේවකයින් රැවටුවොත් වර්ජනවලට මුහුණදෙන්න වෙයි
තවදුරටත් දුම්රිය සේවකයින් රැවටීමට ලක්කරන්නේ නම් වර්ජනවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
























