අද තරගයෙන් පසු මුරලිදරන් ටෙස්ට් පිටියට සමුදෙයි
July 18, 2010 08:42 am
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අද ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට මුත්තයියා මුරලිදරන් තීරණය කර තිබේ.
ගාල්ල ජාත්යන්තර ක්රීඩාගණයේ දී අද ආරම්භ වන පළමු තරගයෙන් අනතුරුව ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බව පසුගියදා ප්රකාශ කළේය.
ඒ අනුව අද පැවැත්වෙන තරගය සඳහා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සඳහා මුත්තයියා මුරලිදරන්ගේ රුව සහිත රත්රං කාසියක් ද නිර්මාණය කොට ඇති බව වාර්තා වේ.
මුත්තයියා මුරලිදරන් මේ වන විට ටෙස්ට් තරග 132 කට සහභාගී වී කඩුළු 792 ක් ලබා සිටියි. ඔහුට කඩුළු 800 සීමාව ළඟා වීම සඳහා ලබා ගැනීමට අවශ්යව ඇත්තේ තවත් කඩුළු 8 ක් පමණි. මෙම තරගයේ දී එම සීමාවට පැමිණීම තමාගේ අභියෝගය බව මුත්තයියා මුරලිදරන් පසුගිය දා මාධ්යයට පවසනු ලැබීය.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර මේ වන විට ටෙස්ට් තරග 32 ක් පවත්වා ඉන් තරග 13 ක් ඉන්දියාව ජය ගෙන ඇති අතර තරග 5 ක් ශ්රී ලංකාව ජය ගෙන තිබේ. ශ්රී ලංකාව ජයගත් එම තරග පහම ජය ගෙන ඇත්තේ මෙරට දී ක්රීඩා කළ තරග වල දී වීම විශේෂත්වයකි.

Viewer Comments