Sri Lanka
September 11, 2010  01:45:AM

යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 7ක්

යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 7ක්

July 19, 2010  11:12 am

Bookmark and Share
පළමු වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‍අගෝස්තු මස 14 වැනි දින සිට 28 වැනි දින දක්වා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී ටේබල් ටෙනිස්, පිහිනුම්, බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා තරග ඉසව් සඳහා සහභාගී වන බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරන ලදී. මේ අතර 2010 වසරේ ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අගෝස්තු මස හය වන දින සිට ‍‍හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නවදිල්ලි නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රීඩා උ‍ළෙලට සහ චීනයේ පැවැත්වෙන ආසියාතික ක්‍රීඩා ‍උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මෙම තරගාවලියේදී සිදුකෙරෙන බව මළල ක්‍රීඩා සම්මේලනය සඳහන් කර ඇත.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer