Sri Lanka
September 11, 2010  01:39:AM

කඩුලු 800 ට තවත් කඩුලු 2 යි

කඩුලු 800 ට තවත් කඩුලු 2 යි

July 22, 2010  08:58 am

Bookmark and Share
ඉන්දු ශ්‍රි ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදය. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු පහකට ලකුණු 181 ක් ලබා ගත් අතර ඉනිම වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84කි.

ඉන්දීය පළමු ඉනිමේ සහ දෙවන ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් ටෙස්ට් කඩුලු 800 සීමාවට ආසන්නව සිටින මුත්තයියා මුරලිදරන්ට අද දිනය ඉතා වැදගත් දිනයක් වනු ඇත. ටෙස්ට් කඩුලු 800 සීමාවට ළගා වීම සඳහා තවත් ඔහුට අවශ්‍යව ඇත්තේ කඩුලු දෙකක් පමණි. මෙම තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 276 කි.

ඒ ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 520 ට පිළිතුරු වශයෙනි. ඒ අනුව සිය දෙවන ඉනිම ද පිට පිට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා අද දිනය තුළ තවත් ලකුණු 63ක් ලබා ගත යුතුය.

Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2008 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal. | Disclaimer