දුරකථනයෙන් ජනතාව බිය ගන්වා මුදල් රැස් කරලා
July 29, 2010 08:41 am
අනුරාධපුර බන්ධනාගාරය තුළ දීර්ඝ කාලයක් සිර දඩුවම් ලබමින් සිටින සිරකරුවන් කිහිපදෙනෙකු විසින් ජංගම දුරකථන මගින් ජනතාව බිය ගන්වා මුදල් එක් රැස් කිරීමේ ව්යාපාරයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙසට අදාළ සිරකරුවන් විසින් ජනතාවට මරණීය තර්ජන එල්ල කර ඇති බවට මුලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කෙසේ වුවත් අදාළ ගිණුමට මුදල් බැර කරන ලද පුද්ගලයින් පිළිබඳව මේ වන තෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. යම් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් හේතුවෙන් ගිණුමකට මුදල් බැර කළ අයෙක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 - 39 36 21 හෝ 0112 - 42 21 76 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Viewer Comments